ප්‍රියම් Collective යනු විවිධත්වයෙන් යුතු සහ ආන්තික හඬවලින් සැදුම් ලත් ප්‍රබල වේදිකාවකි. සාමූහිකයේ අරමුණ වන්නේ ජීවිතයේ අමාරුම අවස්ථා, දරා ගැනීමට නොහැකි දෑ අත් විඳ ඉතුරු වූවන්ට /ආන්තිකකරණය, පීඩනය, වෙනස් කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වය අත්විඳින අයට එකට එක්වීමට, ඔවුන්ගේ අත්දැකීම් ඔවුන්ට අර්ථවත් වන ආකාරයෙන් සැකසීමට සහ ඔවුන් තෝරා ගන්නවා නම්, ඔවුන් ආශා කරන එම වෙනසේ දිශානතිය වෙත යාම උදෙසා දැක්මක් ඇති කර ගැනීමට සහ වැඩ කිරීමට ඉඩක් සහ අවස්ථාවන් ලබා දීමයි.  Priyam යන්න පැමිණෙන්නේ දයාබර ස්ත්‍රීවාදිනියක වන ප්‍රියා තංගරාජා සහෝදරියගේ නමිනි. දෙමළ බසින් Priyam යන්නට සෙනෙහස, ආදරය, ප්‍රේමය සහ මිත්‍රත්වය වැනි බහුවිධ අර්ථ ඇත. සිංහල බස ඇතුළු බොහෝ දකුණු ආසියාතික භාෂාවල Priyam යන්නට ඊට සමාන අර්ථයන් ඇත. 

2018 වසරේ දී ප්‍රියම් Collective පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විවිධ සමාජ-සංස්කෘතික සහ ලිංගික පසුබිම් සහ ස්ථානවලින් පැමිණි මිතුරියන් තිදෙනෙකු විසිනි. ආන්තිකකරණය, පීඩනය, වෙනස් කොට සැලකීම සහ ප්‍රචණ්ඩත්වය ගැන අපේ අත්දැකීම්, සහ ඒවායේ අන්තර්ඡේදනය, සමාජයේ අපගේ වරප්‍රසාදිත තත්වයන් ගැන විවේචනාත්මක පිළිඹිඹුවක් ද සමඟ ඒකාබද්ධව, සහ එම සියල්ල අපට හැඟෙන, තේරුම් යන ආකාරය විසින් නැවත නැවතත් අපව එකතු කරන ලදී. අපගේ කතන්දරවල තිබූ එවැනි අර්ථයක් දනවන ක්‍රියාවලීන් විවිධ ප්‍රජාවන්වලට අයිති තවත් බොහෝ අය සමඟ සම්බන්ධ වීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට අපට උපකාරී විය. සාමූහිකව, අපි අපගේ සහ අපගේ ප්‍රජාවන්ගේ අත්දැකීම් විචක්ෂණව තේරුම් ගැනීමට පටන් ගත්තෙමු. මේ සාමූහිකය විවිධත්වයෙන් යුතු සහ ආන්තික හඬවලින් සැදුම් ලත් ප්‍රබල වේදිකාවක් දක්වා වර්ධනය වී ඇත. එකට එක්ව, අප අපේක්ෂා කරන වෙනස්කම් ගැන දැක්මක් ඇති කර ගැනීමට, ගවේෂණය කිරීමට සහ ක්‍රියා කිරීමට අපි කටයුතු කරන්නෙමු.

අපේ ඉලක්කය

Priyam Collective aims to voice and explore intersectional experiences of marginalised sections of our society that help question dominant norms and practices and broaden understandings of sex, gender, sexuality, class, caste, disability, ethnicity, language, religion and other forms of marginalisation in Sri Lanka. 

අපේ ප්‍රවේශයන්

ප්‍රියම් Collective කේන්ද්‍රගත වෙන්නේ කුයර් සහ ස්ත්‍රීවාදී ප්‍රවේශ තුළින් ශරීරය, ශාරීරික සාකල්‍යභාවයන් (bodily integrities), ලිංගිකත්වය සහ ලිංගය සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය ගැන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ අවබෝධයන් පුළුල් කිරීම මතය. මෙය සිදුකරන අතර, අපගේ ඇතුළුව, සීමාවන් සහ වරප්‍රසාද ප්‍රශ්න කරන විවේචනාත්මක දෘෂ්ටිකෝණයක් අපි තබා ගන්නෙමු. අපි විශ්වාස කරන්නේ මෙම ක්‍රියාදාමයන් හරහා ප්‍රජාව ගැන විචක්ෂණව දැනෙන ශක්තිමත් සාමූහිකයක් ගොඩනැගීමට සහ සවිමත් කිරීමට උදව් වන බවයි. විවිධ පසුබිම්වලින් පැමිණෙන සහ විවිධ ආකාරයේ ආන්තිකභාවයන්ට ප්‍රජාවන් ඇතුළතින්, අතරින් සහ පිටතින් මුහුණ දෙන පුද්ගලයන් සමග සහ සම්බන්ධවී කටයුතු කිරීමට ද මෙය එලෙසම උදව් කරයි. සාමූහිකයක් වශයෙන්, අපි සමාජ සහ නීතිමය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නිර්දේශ සම්බන්ධයෙන් සිදුවෙන සාකච්ඡාවලට දායකත්වයක් සපයමු.

Sinhala