අපේ ප්‍රවේශයන්

ප්‍රියම් Collective කේන්ද්‍රගත වෙන්නේ කුයර් සහ ස්ත්‍රීවාදී ප්‍රවේශ තුළින් ශරීරය, ශාරීරික සාකල්‍යභාවයන් (bodily integrities), ලිංගිකත්වය සහ ලිංගය සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය ගැන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ අවබෝධයන් පුළුල් කිරීම මතය. මෙය සිදුකරන අතර, අපගේ ඇතුළුව, සීමාවන් සහ වරප්‍රසාද ප්‍රශ්න කරන විවේචනාත්මක දෘෂ්ටිකෝණයක් අපි තබා ගන්නෙමු. අපි විශ්වාස කරන්නේ මෙම ක්‍රියාදාමයන් හරහා ප්‍රජාව ගැන විචක්ෂණව දැනෙන ශක්තිමත් සාමූහිකයක් ගොඩනැගීමට සහ සවිමත් කිරීමට උදව් වන බවයි. විවිධ පසුබිම්වලින් පැමිණෙන සහ විවිධ ආකාරයේ ආන්තිකභාවයන්ට ප්‍රජාවන් ඇතුළතින්, අතරින් සහ පිටතින් මුහුණ දෙන පුද්ගලයන් සමග සහ සම්බන්ධවී කටයුතු කිරීමට ද මෙය එලෙසම උදව් කරයි. සාමූහිකයක් වශයෙන්, අපි සමාජ සහ නීතිමය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නිර්දේශ සම්බන්ධයෙන් සිදුවෙන සාකච්ඡාවලට දායකත්වයක් සපයමු.

සෑම සහචර සංචාරකයෙකුම මිත්‍රත්වය, ආදරය, වගකීම සහ අවස්ථාවන් බෙදාහදා ගන්නා අතර පරිකල්පනාත්මක ශක්‍යතාවයන් සහ අපේක්ෂිත වෙනස්කම් කරා වැඩ කිරීමට එක්වනු ඇතැයි ප්‍රියම් Collective බලාපොරොත්තු වේ. අදෘශ්‍යමාන බල අසමතුලිතතා ඇති කිරීමට තුඩු දෙන කණ්ඩායම් සහ සාමූහිකයන් තුළ පවතින ධූරාවලි සංවිධාන ව්‍යුහයන් සහ සමාජ-ධූරාවලි සම්බන්ධතා අපි ප්‍රශ්න කරමු. එබැවින්, අපි සාමූහිකයේ සවිඥානික සහ වගකීම්සහගත ද්‍රවශීලතාවය (වෙනස් වීමට ඇති හැකියාව) සහ නම්‍යශීලීභාවය ප්‍රවර්ධනය කරමු. කෙසේ වෙතත්, වගවීම සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා අපි නිරන්තරයෙන් අලුත් ක්‍රම සහ විධි සොයා ගනිමු.

සාමූහික රැකවරණය, විවිධත්වය සහ ඇතුළත් කර ගැනීම ( inclusivity) සැමරීම, තමන්ගේ සහ ප්‍රජාව පිළිබඳ විචක්ෂණ හැඟීමකින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර සන්නිවේදනය සහ ක්‍රියාවන්, අයිතිවාසිකම් මත පදනම් වූ චින්තනය සහ ප්‍රශ්න කිරීම, රහස්‍යභාවය පවත්වා ගැනීම, සහයෝගීතා වැඩ ප්‍රවර්ධනය කරන ධූරාවලිගත නොවන ක්‍රම ගවේෂණය කිරීම සහ සහයෝගීතා වැඩ තුළින් ප්‍රජාවන් ගොඩනැගීම / ශක්තිමත් කිරීම යනු ගැඹුරු කැපවීමේ හැඟීමකින් යුතුව අප ඇති කර ගෙන ඇති ප්‍රවේශයන්ගෙන් සමහරකි.

 

ස්ත්‍රීවාදී චින්තන පරාසයක දෘෂ්ටිවාදයන් සහ අභිලාෂයන් මගින් මෙහෙයවනු ලබන සාමූහික චාරිකා සම්බන්ධයෙන් අපි විශ්වාස කරන්නෙමු. මෙකී දෘෂ්ටිවාදයන් සහ අභිලාෂයන් දේශීයව හැඩ ගැසුනු ඒවා වෙන අතර, අවශ්‍යයෙන්ම බටහිර ලිබරල් චින්තනය මත පදනම් වෙන ඒවා නොවේ. මෙකී අදහස් දිගටම පරිණාමය වනු ඇත. අපගේ දේශපාලනයන් පැන නගින්නේ ගෝලීය දකුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයන්ගෙන් වෙන අතර අපේක්ෂා කිරීම, විවේචනය කිරීම, පරිකල්පනය කිරීම, නැවත පරිකල්පනය කිරීම සහ අධිපති සම්මතයන් සහ භාවිතාවන් මගින් අප මත පටවනු ලැබූ සීමාවන්ට එහා යන ක්‍රියාවන් දිරිමත් කිරීම කරන්නේ කෙසේදැයි දැනුවත්වීම තුළිනි. ස්ත්‍රීවාදය සහ කුයර් දේශපාලනය පිළිබඳ අපගේ ප්‍රවේශයන් පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ ආන්තික කණ්ඩායම්/ප්‍රජාවන් විසින් සහ ඔවුන් සඳහා, සමාජ ක්‍රියාකාරීත්වයේ ඉතිහාසය සහ සන්දර්භය තුළ හැඩගැසී ඇත්තේ කෙසේද යන්න මතය. මේවායෙන් ප්‍රියම් Collective හි දේශපාලනය ශක්තිමත් කරමින්, එය මූර්තිමත් කරන දේ දිගටම පරිණාමය කර, හැඩගස්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Sinhala