ප්රියම් Collective යනු විවිධත්වයෙන් යුතු සහ ආන්තික හඬවලින් සැදුම් ලත් ප්‍රබල වේදිකාවකි. සාමූහිකයේ අරමුණ වන්නේ ජීවිතයේ අමාරුම අවස්ථා, දරා ගැනීමට නොහැකි දෑ අත් විඳ ඉතුරු වූවන්ට /ආන්තිකකරණය, පීඩනය, වෙනස් කොට සැලකීම් සහ ප්රචණ්ඩත්වය අත්විඳින අයට එකට එක්වීමට, ඔවුන්ගේ අත්දැකීම් ඔවුන්ට අර්ථවත් වන ආකාරයෙන් සැකසීමට සහ ඔවුන් තෝරා ගන්නවා නම්, ඔවුන් ආශා කරන එම වෙනසේ දිශානතිය වෙත යාම උදෙසා දැක්මක් ඇති කර ගැනීමට සහ වැඩ කිරීමට ඉඩක් සහ අවස්ථාවන් ලබා දීමයි. Priyam යන්න පැමිණෙන්නේ දයාබර ස්ත්‍රීවාදිනියක වන ප්‍රියා තංගරාජා සහෝදරියගේ නමිනි. දෙමළ බසින් Priyam යන්නට සෙනෙහස, ආදරය, ප්‍රේමය සහ මිත්‍රත්වය වැනි බහුවිධ අර්ථ ඇත. සිංහල බස ඇතුළු බොහෝ දකුණු ආසියාතික භාෂාවල Priyam යන්නට ඊට සමාන අර්ථයන් ඇත.
